Tuesday, August 31, 2010

කඩුවෙන් වැනීම..

ඕං.... එහෙනං ආ...යිබෝං... කිව්ව.. ශෑහෙන දවසකින්.. ඈ..
මෙව කොහොම ලියන්න හිතුවත් ලියන්න වෙන්නෙම නෑනෙ.. අප්ප..
අදත් තියනව සත්‍ය කතාවක් මගෙ ලඟම ඉන්න පොරකට වුන... මේ ලඟම කිව්වට ලඟම නෙවෙයි.. ජුන්ඩක් විතර දුර... මූ ඇවිල්ල මගෙ යලුවගෙ යලුවා....
හැබැයි මෙක බලල තොට වෙන වැඩ නැද්ද කියල එහෙම අහන්ඩ ඔට්ටු නෑ.... ඈ...
හා...ද ? හා.. ඈ...
මේ අපේ බොඩිම ලඟ පාත ඉන්නව මරු ඩයල් එකක්, මෑන්ස් දන්නැති පු.. යන්නක් නෑ.. හා... ද.? මෑන්ස්ට අපි කියමු... සූපිං කියල.. ඒ මොකද මූ කොරොත් කොරන්නෙ සූපිං වැඩක්..
Oන් එහෙනං පටාං ගත්ත..
මේ අපෙ ලංකාවට ඇවිත් ඉන්නවනෙ කොරියාවෙන් වල් කොන්තරාත් කාරයො සෙට් එකක්..ඉතිං මේ බදුල්ලෙත් ඉන්නව ඔය මෑන්ස් කෙනෙක්..
බුවා ඉතින් හැමදාම උදේට අපිට දකින්න ලැබෙන චරිතෙ.. හා..ද?
මුට තියනව අර හුටු පුටු ගගා.. යන නිල් පාට.. තැනින් තැන මලකඩ කාපු සූටි බයික් කට්ටක්.. හා..ද?
ඔය කොරියන් කාරයො ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මෑන්ස්ලගෙ ඇඟ තියෙන්නෙ අපේ වගේ ලස්සනට නෙවෙයිනෙ..  පස්ස පැත්තෙන් උඩ කොටස සෑහෙන්ඩ උසයි.. යට කොටස ටිකක් කොටයි නෙ... ඉතිං මෙබුවත් අර සූටි බයික් එකේ යනකොට කොහොමද.. ආයි නෑ.. කක්කි පැත්තෙන් කඩුවක් දැම්ම වගේ තමයි යන්නෙ....
කොහොම හරි දවසක් දා හැන්දෑවක මෙබුව අපේ පරෙන් යනව.. 
ශිද්දිය වුන දවස් වල පාරට තාර දාල වැලි ජුන්ඩක් එහෙම පාරට දාල තමයි තිබ්බෙ. හා.. ද? කොරියාවෙන් ආවට මොකද.. මූත් අනේ.. අපි වගෙමයි.. හවසට පාන් තමා ආහාරෙ.. බලංඩකො ඒකෙත් හැටි.. අපේ උං කොරිය ගිහින් කුලී වැඩ කරනව,එහෙ එවුන් මෙහෙ ඇවිත් සෑට පාං කනා.. හරි ශූක් නෙ.? කොතනද නැවැත්තුවෙ..?
හරි.. අනේ ඉතින් මෙබුවත් පාන් බාගයක් එහෙම සිලි බෑග් එකක දාගෙන මෙයාගෙ සූටි බෘං එකේ එනකොට.. අර වැලි දාල තියන තැනක දේ... යි... ගාල වැටුන හා...ද?
බයික් එක සෲ...ස් ගාල ලිස්සල ගිහින් ගාඩ් ගලක වැදුන.. මෑන්ස්.. ඩුම්පලකං.. ඩුම්පලකං.. ඩුම්පලකං.. ඩොක් ගාල තුං පාරක් විතර පෙරලිල ආව ඉස්සරහට..
ඕං දැන් තමයි කතාවෙ ප්‍රොටගනිස්ට් එන්ටර් වෙන්නෙ..
අපේ සූපිය... හවස කඩ පොජ්ජට ගිහින් එන ගමන් හා...ද? සූපියටත් ආය කක්කි පැත්තෙ ඉඳං ඇස්.. මෙයා.. ශීන් එක ඒ ටු ඉසෙඩ් බලං ඉඳල... ගියා දුවගෙන අර මෑන්ස් වැටුන තැනට..
මං කලින් කිව්වෙ සූපිය නොදන්න පුයන්නක් නෑ කියල....
මේක අතන්ට ගියා විතරයි..... දන්න කඩුව හතර අතේ වනනවලු..
අයි ඈම් වෙරි ශොරි.. සර්.. දිස් ශ්‍රී ලන්කන් රෝඩ්ස් වෙරි බෑඩ් නෝ... ගිව් පාන් මී.. සර්.. යූ ස්ටැන්ඩ් අප්.. අයි ටේක් බයික් සර්.. අයි ඩ්‍රයිව්.. යූ සිට් සර්.. අයි ගිව් ලිෆ්ට් සර්..යූ සිට් යූ.. සිට්.... හුටා... ලේත් එනව.. හොස්පිටල්.. ? හොස්පිටල් සර්? යූ නෝ.. අයි ඩ්‍රයිව් වෙරි ගුඩ් සර්.. යූ සිට්. යූ... සිට්....    ගගා... මේක පාං මල්ලත් අරන් එහෙට මෙහෙට පිස්සුවෙන් වගෙ දුවනවලු.. හිටපු ගමන් සුද්දගෙ දූවිලි පිහිනවලු... ආය බයික් එකට නැගල යූ සිට්.. යූ.. සිට් කියනවලු..  හරියට ගහෙන් වැටුන එකාට ගොනා චූ.. කරා වගේ අර මනුස්සයට මූ ලැට් එකක්ම වෙලා... හා..ද?
(මං ඒ සේයිං එක වැරදියටද මන්ද කිව්වෙ....)
දැන් මේ කොරියන් කාරයට සූපියාව එපා.... වෙලා..ලු... 
මෑන්ස් හෙන අමාරුවෙන් නැගිටල... සූපියගෙ කරට තට්ටුවක් එහෙම දාල.. කිව්වලු.. අවුලක් නෑ මල්ලි... තැන්ක් යූ... ආ.. මට තනියම යන්ඩ පුලුවන්... මේව ඉතින් අපෙත් වැරදි කියල බයික් එකත් අරං ගිහින්...
සූපියට දැන් පුයන්න හපා... ගන්න හිතිලලු... මූ අතේ තිබ්බ ෆැග් එකත් විසි කරල වටේ ඉන්න මිනිසුන්ටත් සූටි සද්දයක් දාල කොහොම හරි.. මෑන්ස් මාරු...
බැලින්න්ං මොකද දන්නවද වෙලා.. තියෙන්නෙ.. අර කොරියන් කාරය අවුරුදු ගානක් තිස්සෙ ලංකාවෙ වැඩලු.. මූ  වැටිල තියෙන්නෙ.. උංම හදන පාරක.. එක තමයි මෑන්ස් මේව අපෙත් වැරදි කියල තියෙන්නෙ..
සූපියටත් වෙන වැඩ අම්මප...  

7 comments:

  1. me kollo .. . uba neda oya kiyana sootiyaa???? hik hik hik

    ReplyDelete
  2. හිටපු ගමන් මටත් ඔය වගෙ ආතල් සෙට් වෙනව.. ඒත් මෙක නං මං නෙමෙයි ඕං...

    ReplyDelete
  3. කොරියන් කාරයින්ව විහිළුවට ගත්තට අවුලක් නෑ... ලංකාවෙන් කොරියාවට ගියපු එවුන්ව බයිට් කොරන්ට ගිහින් ගුටි කන්ට වෙයි ඕං ඈ...

    ReplyDelete
  4. මේ ඔය කමෙන්ට් මොඩරෙෂන් ලබ්බ අයින් කරපන්කෝ...

    ReplyDelete
  5. මොකද්ද කමෙන්ට් මොඩරේශන්... කියන්නෙ... එහෙම එකක් මේකෙ නෑනෙ.

    ReplyDelete
  6. ඔව්මයි.. කොහොමද ඒක අයින් කරන්නෙ.?

    ReplyDelete
  7. මේක නම් වෙලා තියෙන්නේ උඔටම තමයි....

    ReplyDelete