Friday, November 26, 2010

මට බෑ.........

ඒ.... 
මට බෑ හලෝ.............. මගෙ මෙව්ව එක ඩිස්කනෙක්ට් කරනවනෙ අප්ප.........

Wednesday, September 15, 2010

හා.. කවුද..?

හෙලෝ අගේන්... සෑහෙන දවසකින් මෙයා.. ඉතින් ඉතින් කොහොමද සැප එහෙම.. මන් දන්නව ඕගොල්ලොනං ෆුල් චූන් එකේ ඉන්නෙ කියල. මොකද මං ඉන්නෙත් චූන් එකේනේ...
හරි.. අද මං රිලේට් කරන්ඩ යන්නෙ අමුතුම ජාතියෙ ඉට්ටෝරියක් මෙයා...
ඕගොල්ලන්ට පේනව නේද මගෙ මෙව්ව එක උඩින්ම තියන මෙව්ව එක.. අර මෙව්ව එක අනේ.. මගෙ බ්ලොග් එකේ නමට යටින් තියන මෙව්ව එක.. ඒකෙ තියෙන්නෙ මේකිං යූ ෆනී ඇන්ඩ් ඇන්ග්‍රි කියල නේ...?
ඉතිං මෙයා.. මේක අයත් වෙන්නෙ ඔය ඇන්ග්‍රි කියන කැටගරි එකට තමා..
ඕගොල්ලො දන්නවනෙ මෙයා.. මං ලියන්නෙ තෲ ඉට්ටෝරි කියල..
අනේ ඉතිං අපරාදෙ කියන්ඩ බෑ මෙයා මේකත් ඇවිල්ල තෲම තෲ ඉට්ටොරියක්.
ඔය ඈයො අහල තියනව නේද අර අලියගෙයි කූම්බියාගෙයි කතා සීරීස් එක..?
ඕ.. අහල තියනව..
ඔය ඈයො අහල තියනව නේද අර.. ඉබ්බගෙයි හාවගෙයි කතාව..?
ඕ.. අහල තියනව..
ඒ උනාට කවදා හරි අහල තියනවද ගිනි කූරකිං පාරෙ යන පොලිස් කාර් ගිනි තියන්න ගිය පොරක් ගැන...
නෑ නෙද..?
කවදා හරි අහල තියනවද.. බීල වැඩි වෙලා හැන්දයි ගෑරොප්පුවයි Sආක්කුවේ දගෙන ආපු පොරක් ගැන..?
කවදා හරි අහල තියනවද... අමු බිත්තර දෙකක් සාක්කු දෙකේ පොඩි කර ගත්ත පොරක් ගැන..?
Hඅරි එහෙනං කවදා හරි අහල තියනවද ගෙදරටම ඇවිත් ගේ දොර ගාව දොයිය ගත්ත පොරක් ගැන...?
දැන් මේක කියවගෙන එනකොට සමහර අයට වැටහේගෙන එනව, අම්මට උඩු මේ ගස් ගෝතය මං ගැනනෙ යකෝ කියන්නෙ කියල..
එහෙනං ඕං.. මං කතාව කියනව.., අවාන්කෙන්ම පිලිගන්න ඕනෙ මෙන්න මේ මංය කියල
හා.. කවුද..?
අවාන්කෙංම පිලිගන්නව හොඳයි.... ඊට පස්සෙ කතාව කියන්නං ඈ.....

Tuesday, August 31, 2010

කඩුවෙන් වැනීම..

ඕං.... එහෙනං ආ...යිබෝං... කිව්ව.. ශෑහෙන දවසකින්.. ඈ..
මෙව කොහොම ලියන්න හිතුවත් ලියන්න වෙන්නෙම නෑනෙ.. අප්ප..
අදත් තියනව සත්‍ය කතාවක් මගෙ ලඟම ඉන්න පොරකට වුන... මේ ලඟම කිව්වට ලඟම නෙවෙයි.. ජුන්ඩක් විතර දුර... මූ ඇවිල්ල මගෙ යලුවගෙ යලුවා....
හැබැයි මෙක බලල තොට වෙන වැඩ නැද්ද කියල එහෙම අහන්ඩ ඔට්ටු නෑ.... ඈ...
හා...ද ? හා.. ඈ...
මේ අපේ බොඩිම ලඟ පාත ඉන්නව මරු ඩයල් එකක්, මෑන්ස් දන්නැති පු.. යන්නක් නෑ.. හා... ද.? මෑන්ස්ට අපි කියමු... සූපිං කියල.. ඒ මොකද මූ කොරොත් කොරන්නෙ සූපිං වැඩක්..
Oන් එහෙනං පටාං ගත්ත..
මේ අපෙ ලංකාවට ඇවිත් ඉන්නවනෙ කොරියාවෙන් වල් කොන්තරාත් කාරයො සෙට් එකක්..ඉතිං මේ බදුල්ලෙත් ඉන්නව ඔය මෑන්ස් කෙනෙක්..
බුවා ඉතින් හැමදාම උදේට අපිට දකින්න ලැබෙන චරිතෙ.. හා..ද?
මුට තියනව අර හුටු පුටු ගගා.. යන නිල් පාට.. තැනින් තැන මලකඩ කාපු සූටි බයික් කට්ටක්.. හා..ද?
ඔය කොරියන් කාරයො ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මෑන්ස්ලගෙ ඇඟ තියෙන්නෙ අපේ වගේ ලස්සනට නෙවෙයිනෙ..  පස්ස පැත්තෙන් උඩ කොටස සෑහෙන්ඩ උසයි.. යට කොටස ටිකක් කොටයි නෙ... ඉතිං මෙබුවත් අර සූටි බයික් එකේ යනකොට කොහොමද.. ආයි නෑ.. කක්කි පැත්තෙන් කඩුවක් දැම්ම වගේ තමයි යන්නෙ....
කොහොම හරි දවසක් දා හැන්දෑවක මෙබුව අපේ පරෙන් යනව.. 
ශිද්දිය වුන දවස් වල පාරට තාර දාල වැලි ජුන්ඩක් එහෙම පාරට දාල තමයි තිබ්බෙ. හා.. ද? කොරියාවෙන් ආවට මොකද.. මූත් අනේ.. අපි වගෙමයි.. හවසට පාන් තමා ආහාරෙ.. බලංඩකො ඒකෙත් හැටි.. අපේ උං කොරිය ගිහින් කුලී වැඩ කරනව,එහෙ එවුන් මෙහෙ ඇවිත් සෑට පාං කනා.. හරි ශූක් නෙ.? කොතනද නැවැත්තුවෙ..?
හරි.. අනේ ඉතින් මෙබුවත් පාන් බාගයක් එහෙම සිලි බෑග් එකක දාගෙන මෙයාගෙ සූටි බෘං එකේ එනකොට.. අර වැලි දාල තියන තැනක දේ... යි... ගාල වැටුන හා...ද?
බයික් එක සෲ...ස් ගාල ලිස්සල ගිහින් ගාඩ් ගලක වැදුන.. මෑන්ස්.. ඩුම්පලකං.. ඩුම්පලකං.. ඩුම්පලකං.. ඩොක් ගාල තුං පාරක් විතර පෙරලිල ආව ඉස්සරහට..
ඕං දැන් තමයි කතාවෙ ප්‍රොටගනිස්ට් එන්ටර් වෙන්නෙ..
අපේ සූපිය... හවස කඩ පොජ්ජට ගිහින් එන ගමන් හා...ද? සූපියටත් ආය කක්කි පැත්තෙ ඉඳං ඇස්.. මෙයා.. ශීන් එක ඒ ටු ඉසෙඩ් බලං ඉඳල... ගියා දුවගෙන අර මෑන්ස් වැටුන තැනට..
මං කලින් කිව්වෙ සූපිය නොදන්න පුයන්නක් නෑ කියල....
මේක අතන්ට ගියා විතරයි..... දන්න කඩුව හතර අතේ වනනවලු..
අයි ඈම් වෙරි ශොරි.. සර්.. දිස් ශ්‍රී ලන්කන් රෝඩ්ස් වෙරි බෑඩ් නෝ... ගිව් පාන් මී.. සර්.. යූ ස්ටැන්ඩ් අප්.. අයි ටේක් බයික් සර්.. අයි ඩ්‍රයිව්.. යූ සිට් සර්.. අයි ගිව් ලිෆ්ට් සර්..යූ සිට් යූ.. සිට්.... හුටා... ලේත් එනව.. හොස්පිටල්.. ? හොස්පිටල් සර්? යූ නෝ.. අයි ඩ්‍රයිව් වෙරි ගුඩ් සර්.. යූ සිට්. යූ... සිට්....    ගගා... මේක පාං මල්ලත් අරන් එහෙට මෙහෙට පිස්සුවෙන් වගෙ දුවනවලු.. හිටපු ගමන් සුද්දගෙ දූවිලි පිහිනවලු... ආය බයික් එකට නැගල යූ සිට්.. යූ.. සිට් කියනවලු..  හරියට ගහෙන් වැටුන එකාට ගොනා චූ.. කරා වගේ අර මනුස්සයට මූ ලැට් එකක්ම වෙලා... හා..ද?
(මං ඒ සේයිං එක වැරදියටද මන්ද කිව්වෙ....)
දැන් මේ කොරියන් කාරයට සූපියාව එපා.... වෙලා..ලු... 
මෑන්ස් හෙන අමාරුවෙන් නැගිටල... සූපියගෙ කරට තට්ටුවක් එහෙම දාල.. කිව්වලු.. අවුලක් නෑ මල්ලි... තැන්ක් යූ... ආ.. මට තනියම යන්ඩ පුලුවන්... මේව ඉතින් අපෙත් වැරදි කියල බයික් එකත් අරං ගිහින්...
සූපියට දැන් පුයන්න හපා... ගන්න හිතිලලු... මූ අතේ තිබ්බ ෆැග් එකත් විසි කරල වටේ ඉන්න මිනිසුන්ටත් සූටි සද්දයක් දාල කොහොම හරි.. මෑන්ස් මාරු...
බැලින්න්ං මොකද දන්නවද වෙලා.. තියෙන්නෙ.. අර කොරියන් කාරය අවුරුදු ගානක් තිස්සෙ ලංකාවෙ වැඩලු.. මූ  වැටිල තියෙන්නෙ.. උංම හදන පාරක.. එක තමයි මෑන්ස් මේව අපෙත් වැරදි කියල තියෙන්නෙ..
සූපියටත් වෙන වැඩ අම්මප...  

Sunday, August 22, 2010

තාත්තයි පුතයි



මෙක ඇවිල්ල බෙස්ඩ් ඔන් තුරු ඉට්ටොරි හරිය... හැබැයි ඕං නං ගං මනක්කල්පිතයි ඈ...
මේ ඉස්ටොරි එකේ ප්‍රොටගනිස්ට්ට අපි දා....මූ...... කාලි කියල.. හැබැයි මෑන්ස්ගෙ නමත් ඔය ලඟ පාතිං යන නමක්..හරිය..මේ ශීන් පොජ්ජ වෙලා දැන් ටික කාලයක් වෙනා.. මේ ඉට්ටෝරිය ගැන ඩුබායි වට්ටක්ක ලියන පුතත් දන්නවද කොහොදො..
ඒවයින් වැඩක් නෑ.. ඔන්න මං කතව කීන..ඈ..
අපි මේ කතාවෙන කාලි ඇවිල්ල සැරටෝම පිත්තු කෙලින මෑන්ස්.. කෞරු උනත් කොල්ල කාලෙ පිත්තු ජුන්ඩක් කෙලිනවනෙ.. නේ...ද.. ඒ වුනට මූට කක්කි පැත්තෙ ඉඳන් පිත්තු.. එතකොට ඕගොල්ලොන්ට තෙරෙනවනෙ මෑන්ස් කොහොමද කීල..
මේ කාලි වගේමයි.. පොරගෙ තාත්තත්... බුවාටත් සැරටම පිත්තු..
මේ ශීන් එකට තාත්තයි පුතයි දෙන්නන්ම ෆිෆ්ටි ෆිෆ්ටි පාටිසිපේට් වෙලා තියනව.. හරිය..


අනේ මන්ද මාත් පඳුර වටේ කැරකෙනව විතරයි කතාව නෑ...
ඒක තමයි ගොම්පාට් කියන්නෙ..
හරි ඕං.. එහෙනං පටාං ගත්ත..  මේ කාලිලට සූටි කඩයක් තියනව.. ඉතිං දවල් වරුවෙම මෑන්ස්ගෙ දෙමෞපියො.. ඉන්නෙ ඔන්න ඔය සූටි කඩේ... කොහොමත් කාලිත් ඉතින් ඉස්කොලෙ යනවනෙ.. (O/L කාලෙ..) එක දවසක් මෙබුවත් සුදු ලූණු ගෙඩි දෙකක් එහෙම කාලාහක්වෙල.. සිග්නල් ජුන්ඩකුත් ගිලල එහෙම.. ඉස්කොලෙ යන්නැතිවෙන්ට වැඩේ ගොඩ දගත්ත..හරිය..
කොහොම හරි මේ චූටි කාලි.. ගෙදර එහෙ මෙහෙ එxප්ලෝර් කරනකොට බුවාට හම්බුනා වී.එච්.එස්. එකක් පියා ඛාන්ගෙ ඇඳේ මෙට්ටෙ යට තිබිල..
කලින් සඳහන් කරපු විදිහට කාලිගෙ පියා.. හොඳ.. ඉස්පොර්ට් මීට් කොල්ල..
සැරටම ටිකක් වගෙ ඩින්ක් එක දනව.. නෙබර් ඇන්ටිලාට විසිල් පාරක් එහෙම ගහනව.. ඔය සූටි සූටි ඉස්පොර්ට් මීට් වැඩ කරනව..
ආයෙත් මං රෞමෙ යනවද මන්ද..
කොතනද නැවැත්තුවෙ... හරි.. කාලිත් ගේම අතෑරියෙ නෑ..සුටුස් ගාල දුවල ගිහින් දැම්ම බාන්ඩෙ ඩෙක් එකට.. අම්මට සිරි එකේ හොඳම ශීන් එක කියන්නෙ අර චිරිබිරිස් එක දාපු ගමන් හෑයි හූයි ඕ යේ... ගගෙන මෙන්න මෙක ප්ලේ වෙනවලු.. මෑන්ස් දඩ බඩ ගල ගිහින් ටීවි එකේ සද්දෙ අඩු කරල.. පියා ගෙදර ගෙනාපු..අර හැම තිස්සෙම බීපුවහම පිලිකා හැදෙන එව එකකුත් පත්තු කරගෙන.. අර හැමෝටම තියන,හැමෝම හංගගෙන ඉන්න ඩිවයිස් එකත් එලියට දගෙන ටීවි එක පැත්තට පුටුවත් හරවගෙන කාලි දැන් සංග්‍රාමෙ පටං අරං..
(කියන්න බැරි උනා.. දොරත් වහලා)
ඔය අතරෙ කඩේ මොකද්දෝ ශීන් එකකට තාත්ත මල් පොජ්ජ එලියට මන්දු කොරගෙන අම්මත් එක්ක තරහ වෙලා ආව ගෙදර..
ආව් දැන් කොහොමද ආතල් එක.. පියා ගෙට එනකොට තමාගෙ බාල පුත්‍ර රත්නය ග්‍රේට් කාලි යුධ පිටියෙ.. ජරාස් ගාල දොර අරින සද්දෙට ගැස්සිල ගිය කාලි.. මොකද කරේ... ටාර් ගාල අර ඩිවයිස් එක ඇතුලට දගෙන ටීවි එකත් කොහොමහරි ඕෆ් කරගත්ත... වැඩේ කියන්නෙ කටට ගත්ත දුම් පොජ්ජ එලියට දාගන්න මෑන්ස්ට බැරි උනා.. දැන් කාලි කටත් මෙහෙක් කොරගෙන තත්ත දිහා බලං ඉන්නවලු.. අනේ මං වගෙ මැට්ටෙක්.. මෙහෙක් කොරගෙන කිව්වට ඔය ඈයොන්ට පේන්නෑනෙ..
ඒ කිව්වෙ අර කටට හුලං පුරවගෙන ඉන්නෙ... ආං එහෙම..
කොහොම හරි ශීන් එක මුල ඉඳන් බලන් හිටපු පියාට දැන් ඌරු ජුවල්ලු... පියාටත් මේක කාටවත් කියන්නත් බෑ.. මොකද බුවත් ශීන් එකෙන් ගිල්ටි නේ... බැරිම තැන දැන් ඇරපන් දුං කක්කි පැත්තෙන් කියල ඔය කියන කක්කි පැත්තටම පයින් පාරකුත් ගහල අර චිරිබිරිස් එකත් අරං ගියා කියල තමයි ආරංචි..
(මං ඔය කක්කි පැත්ත කිව්වට පියා ඕකට යූස් කරල තියෙන්නෙ වෙන වචනයක්..අර... පුයන්නෙං පටං අරං කයන්නෙං ඉවරවෙන අකුරු දෙකෙ වචනෙ තමයි පියා යූස් කරල තියෙන්නෙ..)

Friday, August 20, 2010

ආය ගන්න බැරිම දේවල්

ඕං එහෙනං මං ගානෙ කස්ටියටම ඔවදනක්... හැබැයි මේව මං කියපුව එහෙම නෙමේ හරිය.. ඉන්ග්ලීසි සාහිත්තියේ තමයි මේව තීන්නෙ.. ඒ ගොල්ලො මෙවට කීන්නෙ සේයිංස් කීල හරිය..

එක...
These things are never come back to your life,     මෙන්න මේ දේවල් ආය ගන්න බෑ.. හරිය..
Sped arrow..                           විද්ද ඊතලේ...
Spoken words...                     කතා කරපු වචන....
Lost time...                             ගෙවුනු කාලය....
&                                            සහ
Passed FART..                       ඇරපු පඩේ.......