Wednesday, September 15, 2010

හා.. කවුද..?

හෙලෝ අගේන්... සෑහෙන දවසකින් මෙයා.. ඉතින් ඉතින් කොහොමද සැප එහෙම.. මන් දන්නව ඕගොල්ලොනං ෆුල් චූන් එකේ ඉන්නෙ කියල. මොකද මං ඉන්නෙත් චූන් එකේනේ...
හරි.. අද මං රිලේට් කරන්ඩ යන්නෙ අමුතුම ජාතියෙ ඉට්ටෝරියක් මෙයා...
ඕගොල්ලන්ට පේනව නේද මගෙ මෙව්ව එක උඩින්ම තියන මෙව්ව එක.. අර මෙව්ව එක අනේ.. මගෙ බ්ලොග් එකේ නමට යටින් තියන මෙව්ව එක.. ඒකෙ තියෙන්නෙ මේකිං යූ ෆනී ඇන්ඩ් ඇන්ග්‍රි කියල නේ...?
ඉතිං මෙයා.. මේක අයත් වෙන්නෙ ඔය ඇන්ග්‍රි කියන කැටගරි එකට තමා..
ඕගොල්ලො දන්නවනෙ මෙයා.. මං ලියන්නෙ තෲ ඉට්ටෝරි කියල..
අනේ ඉතිං අපරාදෙ කියන්ඩ බෑ මෙයා මේකත් ඇවිල්ල තෲම තෲ ඉට්ටොරියක්.
ඔය ඈයො අහල තියනව නේද අර අලියගෙයි කූම්බියාගෙයි කතා සීරීස් එක..?
ඕ.. අහල තියනව..
ඔය ඈයො අහල තියනව නේද අර.. ඉබ්බගෙයි හාවගෙයි කතාව..?
ඕ.. අහල තියනව..
ඒ උනාට කවදා හරි අහල තියනවද ගිනි කූරකිං පාරෙ යන පොලිස් කාර් ගිනි තියන්න ගිය පොරක් ගැන...
නෑ නෙද..?
කවදා හරි අහල තියනවද.. බීල වැඩි වෙලා හැන්දයි ගෑරොප්පුවයි Sආක්කුවේ දගෙන ආපු පොරක් ගැන..?
කවදා හරි අහල තියනවද... අමු බිත්තර දෙකක් සාක්කු දෙකේ පොඩි කර ගත්ත පොරක් ගැන..?
Hඅරි එහෙනං කවදා හරි අහල තියනවද ගෙදරටම ඇවිත් ගේ දොර ගාව දොයිය ගත්ත පොරක් ගැන...?
දැන් මේක කියවගෙන එනකොට සමහර අයට වැටහේගෙන එනව, අම්මට උඩු මේ ගස් ගෝතය මං ගැනනෙ යකෝ කියන්නෙ කියල..
එහෙනං ඕං.. මං කතාව කියනව.., අවාන්කෙන්ම පිලිගන්න ඕනෙ මෙන්න මේ මංය කියල
හා.. කවුද..?
අවාන්කෙංම පිලිගන්නව හොඳයි.... ඊට පස්සෙ කතාව කියන්නං ඈ.....

2 comments:

  1. ඒ කවුද බං ඔය වගේ මෝඩ ආතල් ගත්ත එකා... හරි ඕං ඌ පිලිගන්නවලු මං තමයි කියලා... උඹ කතාව කියහන්කෝ... හැබැයි ඌ අර ටොයිලට් වලකට වැටුන කතාවනම් කියන්ට එපාලු ඈ....

    ReplyDelete
  2. ඔන්න බය වේගෙන එනවා.... එක්කෙනෙක්...

    ReplyDelete